2014 සා.පෙළ සිසුන් හැඳුනුම්පත් ‍සඳහා කල්වේලා ඇතිව ඉල්ලුම් කරන්න

2014 සා.පෙළ සිසුන් හැඳුනුම්පත් ‍සඳහා කල්වේලා ඇතිව ඉල්ලුම් කරන්න

April 25, 2014   08:25 am

2014 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත සිසුන්ට හැඳුනුම්පත් ලබාගැනීම සඳහා කල්වේලා ඇතුව ඉල්ලුම් කරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.

පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් ජනරාල් සරත් කුමාර මහතා පවසන්නේ හැඳුනුම්පත් සිංහළ හා දෙමළ භාෂා වලින් මුද්‍රණය කළ යුතු බැවින් මෙම ඉල්ලීම සිදුකරන බවයි.

මේ වසරේ ඔක්තෝබර් 31 වැනිදා වන විට වයස අවුරුදු 16 සම්පූර්ණ වන සිසුන්ට හැඳුනුම්පත් ලබාගැනීම සඳහා ඉල්ලීම් කළ හැකිය.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද(25) හෝ හෙට නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

නැවත සමීක්ෂණ අයදුම්පත් 50 000ක් පමණ ලැබී ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.