මාලදිවයින විදේශ අමාත්‍යවරිය දිවයිනට

මාලදිවයින විදේශ අමාත්‍යවරිය දිවයිනට

April 25, 2014   07:48 am

මාලදිවයින් විදේශ අමාත්‍ය දුන්යා මව්මූන් මහත්මිය දිවයිනට පැමිණ තිබේ.

ඊයේ(24)  පස්වරුවේ දිවයිනට පැමිණි ඇය නියෝජ්‍ය විදේශ අමාත්‍ය නියොමාල් පෙරේරා මහතා ඇතුළු නිලධාරින් විසින් පිළිගෙන ඇති බව වාර්තා වෙයි.

මාලදිවයින් විදේශ අමාත්‍යවරිය අදාළ සංචාරයේ දි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ඇය ලබන 27 වැනිදා දක්වා මෙරට රැඳී සිටින බව විදේශ අමාත්‍යංශය සඳහන් කළේය.