‘වසලයා‘ කියූ අයටම ඒක බාරගන්න වේවි - ජනාධිපතිගෙන් ජීවිත ආරක්ෂාව ඉල්ලුවා!
April 24, 2014 05:21 pm
බුදුන්ටත් ‘වසලයා‘ යයි කියූ පසු එය කියූ තැනැත්තාටම බාර ගන්නට සිදුවූවාසේම තමන්ට ‘වසලයා‘කියන අයටම එය බාරගන්නට සිදුවනු ඇති බව ජාතික බලසේනා සංවිධානයේ සභාපති, පූජ්‍ය වටරැක විජිත හිමි පවසයි.
අන්තවාදී ත්‍රස්තවාදී බොදුබල සේනා සංවිධානය විසින් මේවන විට බුද්ධ ශාසනයටත්, සිංහල ජනතාවටත් නිගාදී ඇති බව විජිත හිමියන් කියා සිටියි.
මේවන විට තමන්ට මරණ තර්ජන ඇති බැවින් ඒ පිළිබඳ පොලිස්පතිවරයාටත්, ජනාධිපතිවරයාටත් දැනුම්දී තම ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ඇති බව උන්වහන්සේ අද දෙරණට කියා සිටියේය.
ත්‍රස්තවාදී බොදුබල සේනාවට තමන් තර්ජනයක් බැවින් අවස්ථා කිහිපයදීම තමන් මරාදැමීමට උත්සාහ කළ බවත්, තමන්ගේ කෑලි කපා ගඟේ දමන බවට තර්ජනය කර ඇති බවත් විජිත හිමියන් සිහිපත් කළේය.
තමාට ප්‍රදේශීය සභා රැස්වීමට දිව යන්නට සිදුවීම පිළිබඳ මේවන විට ඇතැමුන් විවේචනාත්මකව අදහස් දැක්වුවද, තමාද පෘථග්ජන බැවින් තමාටද මරණ බය දැනුණ බවත් උන්වහන්සේ සඳහන් කළේය.
මේවන විට බොදුබල සේනා ත්‍රස්ත සංවිධානය නීතිය අතට අරගෙන නිල නොලත් පොලීසියක් බවට පත්ව ඇති බවත්, තමන් නිල නොලත් පොලීසියක් බව ඔවුන් පුන පුනා සඳහන් කරන බවත්, එය ඉතාමත් භයානක තත්ත්වයක් බවත් විජිත හිමියන් පෙන්වා දුන්නේය.
කෙනෙකු බ්‍රහ්මයෙකු හො වසලයෙකු වන්නේ උපතින් නොව ක්‍රියාවෙන් බව බුදුන්වහන්සේ දේශනා කර ඇති බවත්, මේ අයගේ වචන, ක්‍රියා කරන පිළිවෙළ බලා වැරදි ලෙස ක්‍රියා කරන්නේ සාමය, සමගිය,සංහිඳියාව, මෛත්‍රීය,කරුණාව වෙනුවෙන් පෙනීසිටින තමාද යන්න බුද්ධිමත් ජනතාව තේරුම්ගත යුතු බව උන්වහන්සේ අවධාරණය කරයි.
මේවන විට තමන් භික්ෂුත්වයෙන් නෙරපා ඇති බවට උපුටා දක්වන ප්‍රාදේශීය සංඝ සභාව යනු නිල අධිකරණ සාංඝික බලයක් හිමි ආයතනයක් නොව සුබසාධන කටයුතු සඳහා පිහිටුවා ගනු ලැබූ මරණාධාර සමිතියක් බව විජිත හිමියන් පවසයි.
2013 වසරේ සැප්තැම්බර් මාසයේ තමාට අභූත චෝදනා නඟා මෙම සංඝ සභාවේ උදවිය විසින් මහනායක හිමිවරුන්ට ලිපියක් යවා ඇතත්, අද වනතුරුත් මහනායක හිමිවරුන් ඒ පිළිබඳ විනය පරීක්ෂණයක් සිදුකිරීමට හෝ තමන්ගෙන් කරුණු විමසීමට ක්‍රියා කර නැති බවත්, තමන් සම්බන්ධයෙන් ගනු ලැබූ කිසිදු ක්‍රියාමාර්ගයක් ගැන දන්වා නැති බවත් පූජ්‍ය වටරැක විජිත හිමියන් අවධාරණය කළේය.
තමාට බ්‍රහ්ම දණ්ඩනය පැනවූ බවට ප්‍රකාශ කිරීම ඉතාම විහිළු සහගත බවත්, බුදුන් වහන්සේ ශාසනික හිතෛෂිව ඉතාම ගෞරවනීය ලෙස යොදා ගත් දඬුවම් ක්‍රමවේදයක් මේසා විහිළුවට ලක්කිරීම ගැන තමන් ඉතාමත් කනගාටුවට පත්වන බවත් විජිත හිමියන් කියා සිටියේය.
තමාට බ්‍රහ්ම දණ්ඩනය පැනවූ බවට නිකුත් කර ඇති ලියවිල්ලේ භික්ෂුන් නොව දස සිල් මාතාවන්ගේ නම්ද ඇතුළත්ව ඇති බවත්, එය කිසිදු පදනමින් තොරව හිටි අඩියේ සකස් කළ ලියවිල්ලක් බව එමගින් පැහැදිලි වන බවත් විජිත හිමියන් සඳහන් කළේය.
තමන් කිසිදු අවස්ථාවක සිංහල ජාතියටවත්, සම්බුද්ධ ශාසනයටවත් අපකීර්තියක් දනවන ලෙස ක්‍රියා නොකළ බවත්, තමන් කළ කී දෑ ගැන ත්‍රස්තවාදී සංවිධානයක් වන බොදුබල සේනාවන් කියන දේ නොව තමන් නිශ්චිත ලෙස කියූ දේ පමණක් සිහිබුද්ධියෙන් ඇසිය, දැකිය යුතු බවත් වටරැක හිමි අවධාරණය කළේය.
මෙවැනි විකාර සහගත අන්තවාදී ක්‍රියා පිළිවෙත් තුළින් සිදුවන්නේ රටත්, සම්බුද්ධ ශාසනයත්, තව තවත් විනාශ මුඛයට දැක්කීම බවත්, එමගින් බුදු දහමත් රටත් ලෝකය ඉදිරියේ තව තවත් හෑල්ලුවට ලක්වන බවත් පූජ්‍ය වටරැක විජිත හිමියන් වැඩිදුරටත් කියා සිටියේය.