මැලේරියාව පවතින රටවල යනවා නම් අවශ්‍ය ඖෂධ ලබාගන්න

මැලේරියාව පවතින රටවල යනවා නම් අවශ්‍ය ඖෂධ ලබාගන්න

April 24, 2014   04:08 pm

මැලේරියා රෝගය පවතින රටවල සංචාරය කරන්නේ නම් ඊට පෙර එම රෝගය වැළඳීමෙන් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය ඖෂධ ලබාගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී තිබේ.

මැලේරියා රෝගය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේ එම ඖෂධ මැලේරියා මර්දන නිලධාරින් මගින් ලබාගත හැකි බවයි.

මදුරුවන් මගින් පරපෝෂිතයන් හරහා බෝ වන මැලේරියා රෝගය ශ්‍රි ලංකාවෙන් තුරන් කිරිමේ අවස්ථාවට ළගා වි ඇතැත් වෙනත් රටවලින් පැමිණෙන සංක්‍රමණිකයින් හරහා රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව පාලිත මහීපාල මහතා පෙන්වා දෙයි.

2012 වසරේ සිට මේ දක්වා ශ්‍රි ලංකාව තුළ මැ‍ලේරියා රෝගීන් වාර්තා වී නොමැති අතර වසර 2016 දි මැලේරියා තුරන් කළ රටක් ලෙස නම් කිරිමට නම් එම තත්ත්වය තවත් වසර දෙකක් පවත්වාගත යුතු බව ඔහු පවසයි.