දක්ෂිණ අධිවේගයේ පුද්ගලික බස් සේවාව පුළුල් කරයි

දක්ෂිණ අධිවේගයේ පුද්ගලික බස් සේවාව පුළුල් කරයි

April 24, 2014   03:17 pm

දක්ෂිණ අධිවේගි මාර්ගයේ ක්‍රියාත්මක පෞද්ගලික බස් රථ සේවාව පුළුල් කිරිමට පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරන ලෙස පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සි.බි රත්නායක මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.

මගීන්ගේ අවශ්‍යතාව හඳුනාගනිමින් පෞද්ගලික බස් රථ සේවාව පුළුල් කිරිමට අදාළ කටයුතු මේ වන විටත් සිදුවන බව පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යංශය පවසයි.

මෙහි පළමු පියවර ලෙස පසුගිය අවුරුදු සමයේ දක්ෂිණ අධිවේගි මාර්ගය ඔස්සේ ගම්බිම් බලා ගිය ජනතාවගේ ගමන් පහසුව සඳහා විශේෂ බස් රථ සේවයක් ක්‍රියාත්මක කිරිමට පියවර ගත් බව ද අමාත්‍යංශය සඳහන් කළේය.