නිල්වලා ගඟට දරුවන් දැමූ පියා සොයා පොලීසිය හඹා යයි

නිල්වලා ගඟට දරුවන් දැමූ පියා සොයා පොලීසිය හඹා යයි

April 24, 2014   12:22 pm

මාතර, මහානාම පාලමෙන් කුඩා ළමයින් දෙදෙනකු නිල්වලා ගඟට විසි කළ පුද්ගලයකු සොයා පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.

වයස අවුරුදු හතරක් වන ගැහැණු ළමයෙකු හා වයස අවුරුදු 2ක් වන පිරිමි දරුවෙකු මෙලෙස ගඟට දමා ඇති බවත්, එකී දරුවන් දෙදෙනා ආරක්ෂක අංශ විසින් බේරාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අද (24) පෙ.ව 11.00 ට පමණ මෙම සිදුවීම සිදුව ඇති බවත්, බේරාගත් දරුවන් දෙදෙනා මේවන විට මාතර මහ රෝහලට ඇතුළු කරනු ලැබ ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියි.

සැකකාර පියා සොයා මේවන විටත් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.