ඡන්ද පැමිණිලි ගැන අවධානයෙන් සිටිනවා

ඡන්ද පැමිණිලි ගැන අවධානයෙන් සිටිනවා

April 24, 2014   12:19 pm

බස්නාහිර සහ දකුණු පළාත් සභා ඡන්ද විමසීමට අදාළව ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ අවධානයෙන් පසුවන බව පැෆ්රල් සංවිධානය පවසයි.

එම සංවිධානයේ විධානයක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ තම සංවිධානයට ලැබුණු පැමිණිලි කිහිපයක් අල්ලස් කොමිසමට සහ විගණකාධිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවයි.

අදාළ පැමිණිලි සම්බන්ධයෙන් යළි අද(24)  දිනයේ සිහිකැඳවීමක් සිදුකළ බව ඒ මහතා සඳහන් කළේය.