පොලිස් පරීක්ෂකවරුන් 230ට උසස්වීම්

පොලිස් පරීක්ෂකවරුන් 230ට උසස්වීම්

April 24, 2014   10:13 am

පොලිස් පරික්ෂකවරුන් 230 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස් කර තිබේ.

එම පිරිස අතර කාන්තා පොලිස් පරීක්ෂකවරියන් 12 දෙනෙකු ද වන බව පොලිස් මුලස්ථානය නිවේදනය කළේය.

සේවා කාලය සහ කුසලතාවය පදනම් කර ගනිමින් පොලිස්පතිවරයා විසින් මෙම උසස් විම් ලබා දී තිබේ.

මෙම උසස් වීම් පසුගිය මාර්තු මස 17 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.