ජය ශ්‍රි මහා බෝධියට හානි වන කිසිදු ඉදිකිරීමක් නොකරන්න
April 20, 2014 11:43 pm
අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේට හෝ පරිවාර බෝධීන් වහන්සේලාගේ පැවැත්මට හානි වන ආකාරයේ කිසිදු ඉදිකිරිමකට ඉඩ නොතබන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.
ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ වැඩ සිටින භූමියේ මීටර් 500ක් ඇතුළත සියලු ඉදිකිරිම් වහාම නවතා දමන ලෙසයි අනුරාධපුර නගරාධිපතිවරයා වෙත ජනාධිපතිවරයා උපදෙස් ලබා දි ඇත.
ජය ශ්‍රි මහා බෝ සමිඳුන් වැඩ සිටින පරිශ්‍රයේ ඉදිකෙරෙමින් පවතින රථගාල හේතුවෙන් බෝ සමිඳුන්ගේ පැවැත්වමට හානි සිදුවිය හැකි බව පසුගිය දා වාර්තා පළ වුණි.
එම වාර්තා සැලකිල්ලට ගනිමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුර නගරාධිපතිවරයා වෙත මෙලෙස උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ඉදිකෙරෙමින් පවතින රථගාල මීටර් 500ක් පිටත ප්‍රදේශයේ ඉදිකළ යුතු බව පවසන ජනාධිපතිවරයා බෝ සමිඳුන් වැඩසිටින භූමිය අවට කලාපයේ පරිහරණය සඳහා විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වාහන පමණක් යොදාගන්නා ලෙස උපදෙස් ලබා දි තිබේ.