මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරයක් විවෘතයි

මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරයක් විවෘතයි

April 19, 2014   05:01 pm

මහින්දෝදය පාසල් දහසක් සංවර්ධනය කිරිමේ වැඩසටහන යටතේ ගිරාඳුරුකෝට්ටේ මධ්‍ය මහ විද්‍යාලයේ ඉදිකරන ලද මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිසු අයිතියට පවරා තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම විද්‍යාගාරය නිර්මාණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

අංග සම්පූර්ණ ගණිතාගාරයකින්, පරිගණක 25කින් සමන්විත භාෂාගාරයකින්, පරිගණක 40කින් සමන්විත පරිගණක විද්‍යාගාරයකින් සහ දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයකින් මෙය සමන්විතය.

තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පත්කිරීමෙන් අනතුරුව එහි නිරික්ෂණ චාරිකාවක නිරත වු ජනාධිපතිවරයා සිසුන් සමග සුහද කථා බහකද නිරත වී ඇත.