දඹුල්ල ආර්ථිකයේ ගින්නේ පාඩුව ලක්ෂ 150 පනී!

දඹුල්ල ආර්ථිකයේ ගින්නේ පාඩුව ලක්ෂ 150 පනී!

April 19, 2014   04:29 pm

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ පෙළක හටගත් ගින්නෙන් සිදුවු හානිය ලක්ෂ 150ට අධික බව පොලිසිය පවසයි.

ඊයේ රාත්‍රි හටගත් මෙම ගින්නෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ කාමර 06ක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්විය.

විදුලි කාන්දුවක් මෙම ගින්නට හේතු වී ඇති බවට සැක කෙරෙන බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් මේ වන විට විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදවා අදාළ ගින්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කළේය.