තවත් සූර් රියදුරන් 143ක් මාට්ටු

තවත් සූර් රියදුරන් 143ක් මාට්ටු

April 19, 2014   03:27 pm

අද උදෑසන 06න් අවසන් වු පැය 24ක කාලය තුළ බිමත් රියදුරන් 143 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

යතුරුපැදිකරුවන් 86දෙනෙක්, ත්‍රිරෝද රථ රියදුරන් 37 දෙනෙක් සහ වෙනත් වාහන රියදුරන් 20 දෙනෙක් ඒ අතර වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

පසුගිය අප්‍රේල් 10 වනදා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කෙරුණි.

මෙහෙයුම ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා බිමත් රියදුරන් 1631 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.