මහමැතිවරණය දින්නොත් ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳනවා
April 19, 2014 02:46 pm
මේ වන විට පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයෙන් තම පක්ෂය ජයග්‍රහණය කළහොත් ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටළු වලට විසදුම් ලබාදීමට කටයුතු කරන බව භාරතීය ජනතා පක්ෂයේ සභාපති රාජ්නාත් සිං පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ තම පක්ෂය ජයග්‍රහණය කළහොත් ලාංකීය දෙමළ ජනතාවට බලය බෙදා හැරීම හා දේශපාලන විසදුමක් ලබාදීම සඳහා ලංකා රජයට බල කර සිටින බවයි.
වර්තමාන කොංග්රස් ආණ්ඩුවට ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටළු සඳහා විසදුම් ලබා දීමට හැකියාවක් ලැබි නොමැති බව ද රාජ්නාත් සිං පවසා ඇත.
තිරුචි ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමක් අමතමින් භාරතීය ජනතා පක්ෂයේ සභාපති රාජ්නාත් සිං මෙම අදහස් පළ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් බලය බෙදා හැරීමේ ක්‍රියාවලිය සිදුකිරීම සඳහා අවශය පියවර ගැනීමේ කිසිදු ප්‍රගතියක් අත්කර ගැනීමට කොංග්රස් ආණ්ඩුවට හැකිවී නොමැති බව ද ඔහු පවසා තිබේ.
ඉතා සංවේදි කාරණා රාජතාන්ත්‍රික වශයෙන් විසඳා ගැනීමට කොංග්රස් ආණ්ඩුවට හැකියාවක් නොමැති බව ද ඉන්දීය භාරතීය ජනතා පක්ෂ සභාපතිවරයා සඳහන් කර ඇත.
කෙසේ වෙතත් භාරතීය ජනතා පක්ෂය මෙම මැතිවරණය ජයග්‍රහණය කළහොත් ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග ගන්නා බව භාරතීය ජනතා පක්ෂයේ සභාපති රාජ්නාත් සිං වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.