සිහිනයක් සැබෑවන ලකුණු..

සිහිනයක් සැබෑවන ලකුණු..

July 25, 2016  

Bookmark and Share
මොරගහකන්ද-කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ කළු ගඟ වේල්ලේ නිධන් වස්තු තැන්පත් කිරීම අද සිදු කෙරුණි.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(25) පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් නිධන් වස්තු තැන්පත් කරන ලදී. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් විශාල පිරිසක් සහභාගී වූ මෙම අවස්ථාවේදී මහා සංඝරත්නය වෙත දානමය පිංකමක් ද සංවිධාන කර තිබුණි. මොරගහකන්ද කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 15,000ක මුදලක් ඇස්තමේන්තු කර තිබේ.