වැලිකඩින් පනිද්දී අතේමාට්ටු

වැලිකඩින් පනිද්දී අතේමාට්ටු

April 19, 2014   01:48 pm

වැලිකඩ බන්ධනාගාරයෙන් පළායාමට උත්සහ දැරූ රැඳවියෙකු බන්ධනාගාර නිලධාරින් විසින් අල්ලාගෙන තිබේ.

අද අළුයම 2.30ට පමණ මෙම රැදවියා බන්ධනාගාර වැසිකිළියේ වහලෙන් පළා යාමට උත්සහ දරා ඇත.

කෙසේ වෙතත් බන්ධනාගාර නිලධාරින් විසින් මොහු අල්ලාගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර අධිකාරි තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.

අදාළ රැදවියා වසර දෙකකට සිරගත වූවෙකු බව සඳහන්ය.

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළාගිය මන්ද මානසික රැඳවියන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.