මත්තල ප්‍රහාරය ගැන හෙට කටඋත්තර ගන්නවා

මත්තල ප්‍රහාරය ගැන හෙට කටඋත්තර ගන්නවා

April 19, 2014   12:12 pm

මත්තල ගුවන් තොටුපළේ හා හම්බන්තොට මාගම්රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරායේ නිරික්ෂණ චාරිකාවකට එක්වු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසට පහරදීමේ සිද්ධිය පිළිබඳව හෙට (20) ප්‍රකාශ සටහන් කරගැනීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ හම්බන්තොට වරායේ නිරික්ෂණ චාරිකාවකට එක්වු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් ප්‍රහාරයට ලක්විය.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් එම නිරික්ෂණ චාරිකාවට එක්වු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා මහතා විසින් පොලිස් මූලස්ථානයට එදිනම පැමිණිල්ලක් කළේය.

එම පැමිණිල්ලට අනුව මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේය.

කෙසේ වෙතත් එම සිදුවීමට මුහුණු දුන් සෙසු මන්ත්‍රිවරුන්ගෙන් සහ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමේ කටයුතු හෙට දිනයේ සිදුකරන බව ඔහු සඳහන් කළේය.