මැර ප්‍රහාරයකින් තුවාල ලැබූ ඇල්පිටියේ හිමිනම අපවත්වෙයි

මැර ප්‍රහාරයකින් තුවාල ලැබූ ඇල්පිටියේ හිමිනම අපවත්වෙයි

April 19, 2014   11:38 am

බරපතළ කැපුම් තුවාල ලබා ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇල්පිටිය ඉහළ සරණංකර විහාරාධිපති පුජ්‍ය වෑත්තෑවේ පඤ්ඤාකිත්ති හිමියන් අපවත් වී තිබේ.

පසුගිය මාර්තු මස 15 වන දින උන්වහන්සේට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකර තිබුණි.

බරපතළ තත්ත්වයේ පසුවු උන්වහන්සේ ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි.

මාසයකට අධික කාලයක් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ අද අලුයම අපවත් වී ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ ඇල්පිටිය පොලීසිය එම විහාරස්ථානයේ වැඩසිටි තවත් හිමි නමක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

ඇල්පිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.