සෞදි අරාබිය ලොව උසම මන්දිරයටත් අතගසයි

සෞදි අරාබිය ලොව උසම මන්දිරයටත් අතගසයි

April 19, 2014   10:03 am

සෞදි අරාබිය ලොව උසම ගොඩනැගිල්ල එරට ජෙඩා හි ඉදිකිරිමට සැලසුම් කර තිබේ.

අඩි 3200ක් හෙවත් පොළොවේ සිට කි‍ලෝමීටරයක් පමණ උසකින් යුතුව ඉදිකිරීමට අපේක්ෂිත අදාළ ගොඩනැගිල්ල තට්ටු 200 කින් සමන්විත වනු ඇත.

ලබන සතියේ දී ඉදිකිරීම් ආරම්භ කිරීමට යෝජිත මෙම ගොඩනැගිල්ල සඳහා කොන්ක්‍රීට් වර්ග අඩි මිලියන 5.7ක් සහ යකඩ ටොන් 80,000ක් යොදා ගැනීමට නියමිතය.

ගොඩනැගිල්ලේ පාදම මීටර් 60කින් සමන්විත වන අතර එය මුහුදු ජලයට සහ තද සුළඟට ඔරොත්තුදෙන පරිදි ඉදිකරන බව ඉංජිනේරුවන් පවසයි.

ලොව උසම ගොඩනැගිල්ල ලෙස දැනට සැලකෙන්නේ ඩුබායි පිහිටි බර්ජ් කලීෆා ගොඩනැගිල්ල වන අතර එය මීටර් 827 ක උසකින් යුක්තය.

ඉහත ඡායා රූපයේ දැක්වෙන්නේ සවුදියේ දැනට උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන කින්ඩම් ගොඩනැගිල්ලය.