එංගලන්තයට - අයර්ලන්තයට යනවාද?

එංගලන්තයට - අයර්ලන්තයට යනවාද?

April 19, 2014   09:00 am

එළඹෙන එංගලන්ත සහ අයර්ලන්ත තරග සංචාර සඳහා සහභාගි වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික සංචිතයේ ක්‍රීඩකයින්ගෙන් විමසීමක් කර තිබේ.

අදාළ ක්‍රීඩකයින් මධ්‍යම ක්‍රීඩක කොන්ත්‍රාත්තුවට මෙතෙක් අත්සන් තබා නොමැතිවීම හේතුවෙන් තරඟාවලි සඳහා සහභාගි වන්නේ ද නැද්ද යන්න පිළිබඳ විමසීම සිදුකර ඇති බව වාර්තා වේ.

එළඹෙන එංගලන්ත සහ අයර්ලන්ත තරග සංචාර සඳහා ක්‍රීඩකයින් 26 දෙනෙකුගෙන් සමන්විත මුලික සංචිතයක් නම් කර ඇති අතර ඉදිරියේ දී ඉන් 15 දෙනෙකු තෝරා ගැනීමට නියමිතය.