කුඩු අත්වලට මාංචු

කුඩු අත්වලට මාංචු

April 19, 2014   08:56 am

හෙරොයින් මත් කුඩු සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ග්‍රෑන්ඩ්පාස්, ගැමුණුපුර බෝගහ අසළ දී හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 100 ක් පමණ ළඟ තබාගෙන සිටි පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ වරාය පොලිසිය පැවසීය.

පෑලියගොඩ පරාක්‍රම මාවත ප්‍රදේශයේ දී හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 200 ළඟ තබා ගෙන සිටි 51 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අද මාළිගාකන්ද සහ මහර මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.