මඟ මරුවාට 5ක් බිලි

මඟ මරුවාට 5ක් බිලි

April 19, 2014   08:46 am

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාර්ග අනතුරු වලින් පුද්ගලයන් 05 දෙනෙකු මියගොස් තිබේ.

යතුරුපැදිකරුවන් තිදෙනෙකු සහ පදිකයින් දෙදෙනෙකු ඒ අතර වන බව පොලිසිය පැවසුවේය.

මොණරාගල - වැල්ලවාය මාර්ගයේ හොරම්බුව ප්‍රදේශයේ දී යතුරුපැදියක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවු අනතුරකින් 19 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇත.

මේ අතර ගල්කිස්ස, දුම්රියපොළපාර ප්‍රදේශයේදී යතුරුපැදියක් ත්‍රී රෝද රථයක ගැටීමෙන් ද ඊයේ පස්වරුවේ 19 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබේ.

එසේම මිල්ලනිය, උතුරු රන්මිනිය බස් නැවතුම්පළේ දී යතුරුපැදියක් පාලනය කර ගැනීමට නොහැකිව බස් නැවතුම්පළ ගොඩනැගිල්ලක ගැටී 19 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇත.

මේ අතර කොළඹ - රත්නපුර මාර්ගයේ මිල්ලවිටිය ප්‍රදේශයේ දී පදිකමාරුව හරහා ගමන් කළ කාන්තාවක් වෑන් රථයක ගැටීමෙන් මියගොස් ඇත.

වරාවල, ගලිගමුව මාර්ගයේ, අතලව හන්දියේ දී කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරකින් මාර්ගයේ ගමන් කරමින් සිටි 88 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව රුවන්වැල්ල පොලිසිය පැවසීය.