අදත් මහ වැසි - අකුණුසැර ගැන අවධානයෙන්

අදත් මහ වැසි - අකුණුසැර ගැන අවධානයෙන්

April 19, 2014   08:34 am

අදත් උදෑසන කාලයේ දී පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට දක්වා වෙරළබඩ සහ මුහුදු ප්‍රදේශවල වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සවස් කාලයේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වල තද වැසි ඇති විය හැකිය.

මේ අතර දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සමඟ ප්‍රදේශ කිහිපයකට බලපෑ තද සුළං හේතුවෙන් නිවාස රැසකට හානි සිදුව තිබේ.

ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේ මේ දින වල අකුණු සහිත තත්ත්වයන් ද හට ගන්නා බැවින් ජනතාව ඒ පිළිබද සැලකිලිමත් විය යුතු බවයි.