සංවිධාන 16ක තහනම ගැන කරුණු පැහැදිලි කිරීමට යයි

සංවිධාන 16ක තහනම ගැන කරුණු පැහැදිලි කිරීමට යයි

April 19, 2014   08:25 am

දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ සංවිධාන 16ක් තහනමට ලක් කිරීම ගැන කොළඹ සිටින රාජතාන්ත්‍රික නිලධාරීන් දැනුම්වත් කිරීමට රජය තීරණය කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍යංශය සහ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය එක්ව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ලබන බ්‍රහස්පතින්දා මෙරට සිටින විදෙස් රටවල තානාපති නිලධාරීන් සහ මහකොමසාරිස්වරුන් හමුවන බව වාර්තා වේ‍.

ත්‍රස්තවාදී ක්‍රියාවලට සහයෝගය දැක්වීම හේතුවෙන් අදාළ සංවිධාන 16 තහනම් කිරීමට ශ්‍රී ලංකා රජය පසුගිය දා පියවර ගෙන තිබුණි.