කුණු කෑම කැවූ බණ්ඩාරවෙල වෙළඳුන් 30ක් උසාවියට

කුණු කෑම කැවූ බණ්ඩාරවෙල වෙළඳුන් 30ක් උසාවියට

April 18, 2014   02:48 pm

උත්සව සමයේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවිකළ වෙළෙඳසැල් හිමියන් තිස් දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව බණ්ඩාරවෙල, දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසයි.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ආහාර අලෙවිකරන ස්ථාන ප්‍රමිතියෙන් තොර බවට ලැබුණු තොරතුරු මත නගරාධිපතිවරයාගේ දැනුම්දීමෙන් ඊයේ රාත්‍රියේ එම ප්‍රදේශය ආශ්‍රිත වෙළෙඳසැල් පරික්ෂාවට ලක් කර ඇත.

එහිදී පරිභෝජනයට නුසුදුසු අයුරින් සකස් කර තිබු ආහාර සහ සෞඛ්‍යයට අහිතකර ලෙස පිළියෙළ කර තිබු ආහාර තොගයක් ද සොයාගත් බව බණ්ඩාරවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් පැවසුවේය.