බෙහෙත තියෙන තැන හරියටම දුරකථනයෙන් බලාගන්න ක්‍රමයක්

බෙහෙත තියෙන තැන හරියටම දුරකථනයෙන් බලාගන්න ක්‍රමයක්

April 18, 2014   08:05 am

යම් ඖෂධයක් පහසුවෙන් ලබාගත හැකි ඖෂධ අලෙවිසැලක් පිළිබඳ තොරතුරු ජංගම දුරකථනය ඔස්සේ ක්ෂණිකව ලබාගැනීමේ පහසුකමක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් හදුන්වාදී තිබේ.

එම අමාත්‍යංශය පැවසුවේ මූලික අදියරේ දි කොළඹ දිස්ත්‍රික්කය ආවරණය කෙරෙන පරිදි මෙය ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බවයි.

අදාළ ඖෂධසැල පමණක් නොව එම ඖෂධයේ මිල ගණන් ද පාරිභෝගිකයාට දැනගැනීමට හැකි ක්‍රමයක් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් දී ඇත.

මේ යටතේ ඖෂධයේ වෙළඳ නාමයට අමතරව එහි ඖෂධීය නාමයට අදාළ ඖෂධයේ මිල ජංගම දුරකථනය ඔස්සේ කෙටි පණිවිඩයක් මගින් පාරිභෝගිකයා දැනුවත් කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.