පුතා විසින් සිය මව ඝාතනය කරයි

පුතා විසින් සිය මව ඝාතනය කරයි

April 16, 2014   09:04 am

තෙබුවන, පොල්කටුව, වෙල්ලක ප්‍රදේශයේ දී පුතෙකු විසින් මුගුරකින් පහර දී සිය මව ඝාතනය කර තිබේ.

71 හැවිරිදි කාන්තාවක මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය පැවසුවේය.

ඝාතනය සිදුකළ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මානසික ආබාධයකින් පෙලෙන පුද්ගලයෙකු බවට විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.