සරසවි වරම්දෙන්න එන සතියේ අයදුම්පත්

සරසවි වරම්දෙන්න එන සතියේ අයදුම්පත්

April 16, 2014   07:14 am

නව අධ්‍යයන වාරය සඳහා විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම් පත් නිකුත් කිරීම එළඹෙන සතිය තුළ සිදුකරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි.

එහි සභාපති මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය කියා සිටියේ අයදුම්පත් සමඟ විශ්ව විද්‍යාල අධ්‍යයන පාඨමාලා පිළිබද විස්තර ඇතුළත් අත්පොත ද නිකුත් කරන බවයි.

ඒ අනුව 2013 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය සමත්ව විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබු සිසුන්ට එම අයදුම්පත් සහ අත්පොත් ලබාගත හැකිය.

අයදුම්පත් විශ්ව විද්‍යාල වලට ලැබීමෙන් අනතුරුව විශ්ව විද්‍යාල සඳහා තෝරාගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව තීරණය කරන බව ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය සඳහන් කළාය.

එළඹෙන අගෝස්තු සැප්තැම්බර් මාස වල නව අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් විශ්ව විද්‍යාල වලට ඇතුළත් කර ගැනීමට බලාපොරොත්තු වන බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.