දැරියක් මරුට - තවත් 9ට තුවාලයි
April 15, 2014 08:18 pm
ආණමඩුව - හලාවත මාර්ගයේ පල්ලම, වෙන්දකඩුවේදී ජීප් රථයක් අනතුරට පත්වීමෙන් කුඩා දැරියක මියගොස් තවත් 09 දෙනෙකු තුවාල ලබා තිබේ.
අද (15) සවස 7.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් තුවාල ලබා ඇති අය අතර කුඩා දරුවන් සිව් (04) දෙනෙකු, වැඩිහිටියන් 05 දෙනෙකුද වන බව පල්ලම පොලීසිය කියයි.
තුවාලකරුවන් සියලූම දෙනා හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කුඩා දැරිය මිය ගොස් ඇත.
සෙසු තුවාලකරුවන් හලාවත මහා රෝහලේ ප්රතිකාර ලබමින් සිටී.
තුවාලකරුවන් සහ මිය ගිය දැරිය දුම්මලසූරිය - දුනකදෙණිය පදිංචිකරුවන්ය.
පල්ලම පොලීසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.