කිරිවෙහෙරෙන් අදත් කිරි ශ්‍රාවයක්

කිරිවෙහෙරෙන් අදත් කිරි ශ්‍රාවයක්

April 15, 2014   05:05 pm

කතරගම කිරිවෙහෙර චෛත්‍යයෙන් අද දිනයේ ද කිරි වැනි ද්‍රවයක් නිකුත් වී තිබේ.

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර වලට අදාළව ඊයේ දිනයේ දී කිරිවෙහෙර චෛත්‍ය අසල කිරි ඉතිරවීමේ චාරිත්‍ර සිදුකරන අතර තුර කිරිවැනි ද්‍රව්‍යක් නිකුත් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

එමෙන්ම අද දිනයේ ද කිරිවෙහෙර චෛත්‍යයෙන් කිරිවැනි ද්‍රව්‍යයක් නිකුත් වන බව අද දෙරණ වර්තාකරු පැවසුවේය.