බිලි කොක්කට ටී.56 උණ්ඩත් අසුවෙයි

බිලි කොක්කට ටී.56 උණ්ඩත් අසුවෙයි

April 15, 2014   03:35 pm

පොළොන්නරුව, මනම්පිටිය කොටලීය පාලම යට ඇළේ මසුන් අල්ලමින් සිටි අයෙකුගේ බිලි පිත්තකට අසුවූ ගෝනියකින් ටී.56 උණ්ඩ 3011ක් හමුවී තිබේ.

අද දහවල් මෙම උණ්ඩ හමුවී ඇති අතර පොළොන්නරුව ‍පොලීසියේ නිලධාරීන් පැමිණ එම ස්ථානය පරික්ෂා කිරීමේදී තවත් පෙට්ටි 4ක තිබී ජීව උණ්ඩ 3000ක් සොයාගෙන ඇත.

ඒ අනූව ටී.56 උණ්ඩ 6011ක් එම ස්ථානයෙන් හමුවී ඇති අතර පොළොන්නරුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුරටත් පරීක්ෂණ කරන බව අප වාර්තාකරු කියයි.