කතරගම ගමන පොලීසියෙන් නවතී!

කතරගම ගමන පොලීසියෙන් නවතී!

April 15, 2014   03:17 pm

හංවැල්ලේ සිට කතරගම බලා ධාවනය වූ ලොරියක හැපීමෙන් අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේදී පා පැදිකරුවෙකු මියගොස් තිබේ.

අද උදෑසන අනතුර සිදුව ඇති බව අම්බලන්තොට පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් පාපැදියේ ගමන්ගත් පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇත.

මියගොස් ඇත්තේ මාමඩල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අම්බලන්තොට පොලීසිය සඳහන් කළේය.