අයි.පී.එල්. අද ඇ‍රඹෙයි

අයි.පී.එල්. අද ඇ‍රඹෙයි

April 15, 2014   02:02 pm

ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරඟාවලියේ හත්වන අදියර අද ආරම්භවීමට නියමිතව තිබේ.

මෙවර එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී පැවැත්වෙයි.

සමාරම්භක උත්සවය සඳහා ඉන්දීය සුපිරි බොලිවුඩ් නළු නිළියන් ද එක්වීමට නියමිතය.

2008 වසරේදී පළමුවරට අයි.පී.එල් තරගාවලිය ඇරඹුණු අතර එතැන් සිට මේ දක්වා තරඟාවලි 6ක් පවත්වා තිබේ.

අද පැවැත්වෙන සමාරම්භක උත්සවයෙන් පසු හෙට පළමුවරට මුම්බායි ඉන්දියන්ස් සහ කොල්කටා නයිට්රයිඩර් කණ්ඩායම් තරඟ වැදීමට නියමිතය.

ඉන්දීයාවේ මේදිනවල එරට මහ මැතිවරණය හේතුවෙන් ඡන්ද විමසීම සිදුකෙරෙන නිසා මේ මස 30 වැනිදා දක්වා අයි.පී.එල් තරග අබුඩාබි, ඩුබායි සහ සාජා යන නගරවල පැවැත්වෙනු ඇත.

මැයි මස 2 වැනිදා සිට ජූනි මස පළමුවැනිදා දක්වා තරඟ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලසිත් මාලිංග, තිසර පෙරේරා සහ මුත්තයියා මුරලිදරන් මෙවර අයි.පී.එල් තරඟාවලිය නියෝජනය කරති.