ගමේ ගිය අයට කොළඹ එන්න ප්‍රවාහන  පහසුකම්

ගමේ ගිය අයට කොළඹ එන්න ප්‍රවාහන පහසුකම්

April 15, 2014   12:11 pm

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා ප්‍රවාහන සේවා අද දිනයේ සිට යළිත් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන බලධාරින් පවසයි.

ඒ අනුව අද දිනයේ සිට නියමිත කාලසටහනට බස් රථ සහ දුම්රිය ක්‍රියාත්මක කෙරෙන බව ඔවුන් සඳහන් කළේය.

කෙසේ වෙතත් මගී අවශ්‍යතාවන් සලකා අතිරේක බස් රථ හෝ දුම්රිය යොදවන බව ද එම බලධාරින් පැවසුවේය.

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සියල්ල අද සිට නියමිත පරිදි ධාවනය කෙරෙන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

අවුරුදු සේවා වෙනුවෙන් පිට පළාත්වලට ගමන් කරන ලද ලංගම බස් රථ ද අද දිනයේ සිට කොළඹට පැමිණ බව ඔහු පැවසුවේය.

කෙසේ වෙතත් ජනතාවට අපහසුවක් නොවන පරිදි ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන බලධාරින් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එහෙත් ඇතැම් ප්‍රදේශවල ජනතාවට ප්‍රවාහන අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් බස්, දුම්රිය නොමැති බවද වාර්තා වේ.