අවාසනාවන්ත මරණයක්
April 15, 2014 10:35 am
නොදැනුවත්කම හේතුවෙන් පැරසිටමෝල් ඖෂධ පෙති හයක් පමණ කෑ දැරියක් මියගොස් තිබේ.
රංගල, ගල්කොටුව වේරපිටිය ප්‍රදේශයේ මව්පියන් සමඟ පදිංචිව සිටි අදාළ දැරිය ඖෂධ විෂවීම හේතුවෙන් පසුගිය 13 වැනිදා තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර තිබුණි.
පසුව ඇය මහනුවර මහ රෝහලට මාරුකර යවා ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.
මියගොස් ඇත්තේ අවුරුදු දෙකහමාරක පමණ වයසැති දැරියකි.
ඖෂධ වර්ග වැඩෙන දරුවන්ගෙන් ඈත් කර තබන ලෙසට සෞඛ්‍ය අංශ ජනතාවට නිතර උපදෙස් ලබාදෙයි.
තතු එසේ වුවද මව්පියන් ඒ ගැන මීටත් වඩා සැලකිලිමත් වීම වැදගත් බව ඉහත පුවතින් මනාව පැහැදිලිවෙයි.