දැරියත් තරුණයාත් දෙතැනකදී මරුට

දැරියත් තරුණයාත් දෙතැනකදී මරුට

April 15, 2014   10:05 am

වෑන් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් 13 හැවිරිදි දැරියක් මියගොස් තිබේ.

ත්‍රීකෝණමඩු - මරදන්කඩවල මාර්ගයේ මොරටුකඩේ ඉදිරිපිට දී වෑන් රථයක් යතුරුපැදියක් පසුකර යාමේ දී ඊයේ පස්වරුවේ අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

පොලීසිය සඳහන් කළේ අනතුරෙන් මියගොස් ඇත්තේ යතුරුපැදියේ පසුපස අසුනේ ගමන් කළ දැරියක් බවයි.

මේ අතර යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබු තාප්පයක ගැටීමෙන් සිදුවු අනතුරකින් 26 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

මඩකළපුව - පොතුවිල් මාර්ගයේ මීනෝකට්ටු ප්‍රදේශයේ දී ඊයේ පස්වරුවේ අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

මියගිය පුද්ගලයා සයින්දමරදු ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.