වැල්ලවත්තේ - මැදවච්චියේ ගිනි

වැල්ලවත්තේ - මැදවච්චියේ ගිනි

April 15, 2014   08:54 am

වැල්ලවත්ත,රාජගුරු ශ්‍රී සුභූති ප්‍රදේශයේ නිවසක හා වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබේ.

ඊයේ පස්වරුවේ හටගත් ගින්න කොළඹ නගර සභා ගිනි නිවීමේ ඒකකය, වැල්ලවත්ත පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මැඩපවත්වා ඇත.

මේ අතර මැදවච්චිය ප්‍රදේශයේ වෙළෙඳසැල් දෙකක ද ඊයේ පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ.

අදාළ ගිනි ගැනීම් වලින් ජීවිත හානී සිදුව නොමැති අතර සිදුවු දේපළ හානී පිළිබඳ මෙතෙක් තක්සේරු කර නොමැති බව පොලීසිය පැවසුවේය.