විලියම් -කේට් ක්‍රිකට් ගසති
සයුරෙන් එතෙර

විලියම් -කේට් ක්‍රිකට් ගසති

April 14, 2014   03:20 pm

නවසීලන්තයේ නිල සංචාරයක නිරතව සිටින බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරු සහ කේට් කුමරිය ක්‍රයිස්චර්ච් නුවරට පැමිණ තිබේ.

ක්‍රයිස්චර්ච් නගරාධිපතිවරයා ඇතුළු අමුත්තන් විසින් රජ යුවළ උණුසුම්ව පිළිගත් බව වාර්තා වේ.

2011 වසරේ නවසීලන්තයේ භූ කම්පනයකින් මියගිය පුද්ගලයින් සිහිකිරීමේ වැඩසටහනකට ද ඔවුන් සහභාගී වීමට නියමිතය.

මේ අතර රජ යුවළ ඊයේ ක්‍රිකට් තරගයකට ද සහභාගී වී තිබේ.

මාස 8ක් වයසැති ජෝර්ජ් කුමරුගේ මව වන කේට් කුමරිය ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව තවත් ක්‍රීඩා සහ වැඩසටහන් කිහිපයකට ද සහභාගී වී ඇති බව වාර්තා වේ.