තවත් අයෙක් එල්ලිලා

තවත් අයෙක් එල්ලිලා

April 12, 2014   08:57 am

අම්බලන්තොට, ජංසගම ගඟ අසළ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ගෙල වැලලාගෙන මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මිය ගිය පුද්ගලයා 35 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු බව පොලිසිය පවසන්නේය.

මළ සිරුර හම්බන්තොට රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.

මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.