පකිස්ථානය, අයර්ලන්තය හා දකුණු අප්‍රිකාව ලංකාවට!

පකිස්ථානය, අයර්ලන්තය හා දකුණු අප්‍රිකාව ලංකාවට!

April 11, 2014   03:49 pm

පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් සහ එක්දින තරඟාවලියක් ලබන අගෝස්තු මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

පාකිස්ථාන කණ්ඩායම ජුලි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර තරඟ පැවැත්වෙන දින පිළිබඳ මෙතෙක් තීරණය කර නොමැති බව වාර්තා වේ.

තරඟාවලියට ටෙස්ට් තරඟ දෙකක් සහ එක්දින ජාත්‍යන්තර තරග තුනක් ඇතුළත්ය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය මැයි මස 06 වැනිදා ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර එක්දින තරග 5ක් ටෙස්ට් තරග දෙකක් සහ පන්දුවාර 20/20 තරගයක් මැයි මස 20 වැනිදා සිට පැවැත්වීමට නියමිතව තිබේ.

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ජුනි මාසයේ සිට දකුණු අප්‍රිකාව සමගින් මෙරට දී ටෙස්ට් හා එක්දින තරගාවලියකට සහභාගී වීමට නියමිතය.