අමෙරිකාවේ සෞඛ්‍ය ලේකම් ඉල්ලා අස්වෙයි
සයුරෙන් එතෙර

අමෙරිකාවේ සෞඛ්‍ය ලේකම් ඉල්ලා අස්වෙයි

April 11, 2014   03:44 pm

අමෙරිකා එක්සත් ජනපද සෞඛ්‍ය ලේකම් කැත්ලින් සිබිලියස් ඉල්ලා අස් වී තිබේ.

ජනාධිපති බරැක් ඔබාමා විසින් මතභේදකාරි සෞඛ්‍ය ආරක්ෂණ නීති ඉදිරිපත් කර ඇති අවස්ථාවක මෙම ඉල්ලා අස්වීම සිදුව ඇති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කර ඇත.

2009 වසරේ සිට සිබිලියස් සෞඛ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කර තිබේ.

ඇයගේ තනතුරේ කටයුතු කිරිම සඳහා ජනාධිපති ඔබාමා විසින් සිල්වියා මැතිව්ස් නම් කරනු ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.