නිධන් සෙවූ 2ක් අතේ මාට්ටු

නිධන් සෙවූ 2ක් අතේ මාට්ටු

April 10, 2014   12:19 pm

අනුරාධපුර කුඩා නෙළුම්කුලම, ගල්කුලම ප්‍රදේශයේ නිවසක් තුළ සැක කටයුතු ලෙස කැනීම් කටයුතු සිදුකරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල නිවසේ අඩි 24ක පමණ ගැඹුරු වළක් හාරමින් සිටිය දි පළාත් විශේෂ විමර්ශන අංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.

එහිදි සැකකරුවන් සතුව තිබි රන් ආලේපිත බුදු පිළිමයක් සහ රන් පැහැති මංජුසාවක් සොයාගෙන තිබේ.

සැකකරුවන් බදුල්ල සහ අනුරාධපුර ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර ඔවුන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.