වොක්ශෝල් වීදියෙන් කුඩු සමඟ කොටු

වොක්ශෝල් වීදියෙන් කුඩු සමඟ කොටු

April 9, 2014   10:21 am

කොම්පඤ්ඤවීදිය, වොක්ශෝල් වීදිය ප්‍රදේශයේ දී හෙරොයින් ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොම්පඤ්ඤවීදිය පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 300ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරු 38 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර ඔහු අද(09) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.