ක්‍රිකට් වලින් සල්ලි හොයන්න හොඳ නෑ

ක්‍රිකට් වලින් සල්ලි හොයන්න හොඳ නෑ

April 8, 2014   12:48 pm

ක්‍රිකට් පරිපාලනයේ පවතින ඇතැම් දුර්වලකම් හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට විනාශ මුඛයට පත්ව ඇති බව හිටපු ටෙස්ට් නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුණ රණතුංග මහතා පවසයි.

විශේෂයෙන් ක්‍රිකට් ආයතනයේ ක්‍රියාකාරකම් මෙයට බලපා ඇති බව ඇහැළියගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයට සහභාගී වෙමින් අර්ජුණ රණතුංග මහතා ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අර්ජුණ රණතුංග මහතා සඳහන් කළේ ක්‍රිකට් ක්‍රීඩාව තුළින් මුදල් ඉපැයීම සිදුනොකළ යුත්තක් බවයි.