20-20 කාන්තා ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවටයි

20-20 කාන්තා ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවටයි

April 6, 2014   04:58 pm

පන්දුවාර 20-20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් කිරුළ දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් විය.

ඒ ප්‍රතිවාදී එංගලන්ත කාන්තා කණ්ඩායම පරාජයට පත්කරමිනි.

මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 105ක් ලබා ගන්නා ලදී.

ඊට පිළිතුරු වශයෙන් ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.