ඉන්දියාවේ මීළඟ අගමැති න‍ෙර්න්ද්‍ර මූඩී?
සයුරෙන් එතෙර

ඉන්දියාවේ මීළඟ අගමැති න‍ෙර්න්ද්‍ර මූඩී?

April 5, 2014   03:52 pm

ඉන්දියාවේ මීළග අග්‍රාමාත්‍ය ධූරය නරේන්ද්‍ර මූඩිට හිමිවනු ඇති බව බී.ජේ.පී හෙවත් භාරතීය ජනතා පක්ෂයේ නායක එල්. කේ. අද්වානි පවසා තිබේ.

අද්වානි පවසන්නේ මෙවර ඉන්දීය මහ මැතිවරණයේ ජය බී.ජේ.පී පක්ෂයට හිමිවනු ඇති බවයි.

ගාර්දි නගර් ප්‍රදේශයේ දී මාධ්‍යවේදින් අමතමින් ඔහු මේ බව පවසා ඇත.

මේ අතර මේ වසරේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයෙන් බී.ජේ.පී පක්ෂය ජය ගනු ඇති බව සිදුකළ සමීක්ෂණයකින් ද අනාවරණය වී තිබේ.

එන්.ඩී.ටී.වී ප්‍රවෘත්ති සේවාව මගින් මෙම සමීක්ෂණය සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.