ත්රීවිලරය පෙරළී තරුණයා අවසන් ගමනේ!
April 5, 2014 09:15 am
බුත්තල - පස්සර මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
ත්රී රෝද රථ රියදුරෙකුට එය පාලනය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසන්නේය.
අනතුරෙන් ත්රී රෝද රථයේ රියදුරු සහ එහි පසුපස ගමන් කළ පුද්ගලයා බරපතළ තුවාල ලබා බුත්තල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ත්රීරෝද රථයේ පසුපස ගමන් කළ පුද්ගලයා මියගොස් ඇත.
මියගොස් ඇත්තේ 25 හැවිරිදි බුත්තල, ඌව පැලවත්ත ප්රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.
මළ සිරුර බුත්තල රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.