අනතුරින් යතුරුපැදිකරු මරුට
April 4, 2014 05:20 pm
ඉබ්බාගමුව - මඩගල්ල මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
මඩගල්ල සිට ඉබ්බාගමුව දෙසට ධාවනය වු යතුරුපැදියක් නවතා තිබු බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේ දී ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනතුරෙන් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.
මියගොස් ඇත්තේ 34 හැවිරිදි පුද්ගලයෙකි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගොකරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.