ඇෆ්ගනිස්ථානයේදී මාධ්‍යවේදිනියක් ඝාතනය කෙරේ
සයුරෙන් එතෙර

ඇෆ්ගනිස්ථානයේදී මාධ්‍යවේදිනියක් ඝාතනය කෙරේ

April 4, 2014   05:15 pm

ඇෆ්ගනිස්ථාන පොලිස් නිලධාරියෙකු සිදුකළ වෙඩි ප්‍රහාරයකින් විදෙස් මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදිනියක් මියගොස් තිබේ.

ප්‍රහාරයෙන් එම මාධ්‍ය ආයතනයේ තවත් මාධ්‍යවේදිනියක් බරපතළ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හෙටට යෙදී ඇති ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරණයේ මාධ්‍ය ආවරණ කටයුතුවල නිරත වෙමින් සිටි “ඇසෝසියේටඩ් ප්‍රෙස්“ මාධ්‍ය ආයතනයේ ඡායාරූප ශිල්පිණියක් සහ වාර්තාකාරිණියක් මෙම ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන්ය.

ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරණයට අදාළ කටයුතු සඳහා මැතිවරණ නිලධාරීන් සමඟ ගමන්කරමින් සිටියදී එහි ගමන්ගත් පොලිස් නිලධාරියෙකු විසින් මෙම මාධ්‍යවේදිනියන් ගමන්ගත් මෝටර් රථයට වෙඩි තබා ඇත.

ප්‍රහාරය එල්ල කළ පොලිස් නිලධාරියා පසුව ආරක්ෂක අංශ වෙත භාරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

48 හැවිරිදි වියේ පසුවන ඝාතනයට ලක් වු“ඇසෝසියේටඩ් ප්‍රෙස්“ මාධ්‍ය ආයතනයේ ඡායාරූප ශිල්පිණිය දීර්ඝ කාලයක් ඇෆ්ගනිස්ථානයේ මාධ්‍ය ආවරණ කටයුතුවල නිරත වී සිට ඇති බව සඳහන්ය.