අතුරුදන් යානය ගැන හොයනවාට මලයාසියානු අගමැතිට පැසසුම්
සයුරෙන් එතෙර

අතුරුදන් යානය ගැන හොයනවාට මලයාසියානු අගමැතිට පැසසුම්

April 3, 2014   04:47 pm

අතුරුදන් වු ගුවන් යානය සොයා සිදුකරන මෙහෙයුම් කටයුතු දැක බලා ගැනිම සඳහා මලයාසියානු අග්‍රාමාත්‍යවරයා ඕස්ට්‍රේලියාවට යාම පිළිබඳ යානයේ ගමන් ගත් මගීන්ගේ ඥාතීන් ප්‍රසාදය පළ කරයි.

අතුරුදන් වු ගුවන් යානය සොයා සිදුකරන මෙහෙයුම් කටයුතු දැක බලා ගැනිම සඳහා මලයාසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් අද දිනයේ ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය.

එහිදී ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබෝට් හමුවු මලයාසියානු අග්‍රාමාත්‍යවරයා අතුරුදන් වු යානය සොයා මෙහෙයුම් සිදුකරන එරට ගුවන් හමුදා මුලස්ථානයේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මගීන් සහ කාර්යය මණ්ඩලය 239 දෙනෙකු රැගත් මලයාසියානු යානය පසුගිය මාර්තු මස 08 වැනිදා අතුරුදන් වුණි.

ගුවන් යානයක සියලු තොරතුරු ගබඩා වි ඇති කළු පෙට්ටියේ ආයු කාලය දින 30ක් වන අතර එය සෙවීම සඳහා තවත් ඉතිරිව ඇත්තේ දින 4ක කාලයක් පමණි.