කෝටි 6ක හෙරොයින්..??

කෝටි 6ක හෙරොයින්..??

June 25, 2016  

Bookmark and Share
ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර කටාර් රාජ්‍යය ඔස්සේ සිදුවු දැවැන්ත මත්ද්‍රව්‍ය ජාවාරමක ප‍්‍රධාන පුද්ගලයා ලෙස සැළකෙන පකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.අද(25) අළුයම ඔහු කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටාර් සිට ශ්‍රී ලංකාවට පැමිණි ඇති අතර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.ගමන් මළු දෙකක ව්‍යාජ පතුල් තනා ඒ තුළ සගවා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 05 කට ආසන්න ප‍්‍රමාණයක් ශි‍්‍ර ලංකාවට රැගෙන එමේ වරදට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.මෙහි වටිනාකම මිලියන 60ක් බව වාර්තා වෙයි.

ඡායාරූ-පොලිස් මාධ්‍ය ඒකකය